Latestදේශීය

රාජපක්ෂවරුන්ට නඩු

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන රටේ ආර්ථික අර්බුදයට වගකිය යුතු බවට ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඔවුන්ගෙන් වන්දි ඉල්ලා නඩු ගොනු කිරීමට සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව සූදානම් වෙයි.

එහි ලේකම් මිලින්ද පේමරත්න මහතා සඳහන් කරන්නේ ඔවුන් විසින් ගන්නා ලද වැරදි ආර්ථික තීන්දු නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ම ඇති බවට ලබාදී ඇති තීන්දුව මත මෙම නඩු ගොනුකරන බවයි.

සිවිල් හා වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයක නඩු පැවරිය හැකි බවට දැනටමත් නීති උපදෙස් ලැබී ඇති බවද කී ඔහු ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද කියා සිටියේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *