නීති විරෝධී පොලිතින් අලෙවිය සහ භාවිතය පිළිබදව දැඩි පියවර
(රංජිත් රාජපක්ෂ)
ජාතික පාරිසරික පනතට අනුව පොලිතින් පිලිබදව පනවා ඇති නිතිරිති වලට අනුකුලව මයික්‍රොන 20 ට අඩු පොලිතින් නිෂ්පාදන භාවිතාය සහ විකිණිම තහනම් බවට පනවා ඇති නිති සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් (05) දින හැටන් නගරයේ ව්‍යාපාරිකයන් දැනුවත් කෙරිණ.
මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ෂණ ඒකකයේ නිලධාරින් හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරින් සමග එක්ව හැටන් නගරයේ සැම වෙලදසැලකටම ගොස් 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරි පනතට අනුව මිල දි ගන්නා හෝ විකුණන ආහාර දවටන පැකට්ටුවක සන්නාම නාමය , උපරිම සිල්ලර මිල , නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත දිනය සහ ආයු කාලය , භාවිතා කරන කරන ද්‍රව්‍ය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වෙලද ව්‍යාපාරිකයන් දැනුවත් කිරිමට පියවර ගැණින.
එම පනතට පටහැනිව 2024 වසරේ සිට මයික්‍රොන 20 ට වඩා අඩු පොලිතින් නිෂ්පාදන භාවිතා කිරිමට හෝ විකිණිම සිදු කරන වෙලෙදුන්ට එරෙහිව නෛතික පියවර ගන්නා බවට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් වෙලෙදුන් දැනුවත් කෙරිණ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

