Latestදේශීය

දකුණු ආසියාවේ උසම කැරකෙන අවන්හල විවෘත වේ

කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව මෙම අවන්හල සිට්‍රස් හෝටල් සමූහය සමග ඒකාබද්ධව ජනතාවට විවෘත කිරීමට නියමිතයි.

කොළඹ නෙළුම් කුලුනේ පිහිටි කැරකෙන අවන්හල සැලකෙන්නේ දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙසයි.

එය ජනතාවට විවෘත කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්විණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *