පෙර පාසලේ සිට පැණි බීම භාවිතය ඉහලට – දරුවන්ගේ ජීවිත අවධානමක
මෙරට පෙර පාසල් දරුවන් අතර පැණි රස බීම සහ සීනි සහිත ආහාර භාවිතය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් යොදාගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනේ අංශ ප්‍රධානී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමෙන් මෙම අදහස් පළ කළාය.
මේ අතර පාසල් සිසු සිසුවියන් සීග්‍ර ලෙස දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සදහා ගොදුරු වීම ඉහළ යමින් පවතින බැවින් හුදු ප්‍රචාරණ ව්‍යාපෘති නවතා ළමා ජීවිත ශාරීරිකව මෙන්ම මානසිකව වර්ධනය කිරීම සදහා වන ජාතික ප්‍රතිපත්තියක පිහිටා නිෂ්චිත වැඩපිළිවෙලක් දියත් කළ යුතු බව ළමා විද්‍යාඥයින් පෙන්වා දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

