Latestක්‍රීඩාදේශීය

සනත් නැවතත් කරලියට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා පත්කර ඇත.

අදාල පත් කිරීම ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර තිබේ.

ජයසූරිය 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක තනතුරට ද පත් කරනු ඇති බව වාර්තා වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස වාර්ථාගත ඉතිහාසයක් සළකුණු කළ සනත් ජයසූරිය මහතා රාජපක්ෂ පාලන සමයේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිස විවිධ තනතුරු දරණ ලදි. එම කාලයේ දී රාජපක්ෂවරුන්ගේ සමීපතම දේශපාලන ක්‍රියාධරයෙක් ලෙස ක්‍රියාකළ සනත් ජයසූරිය මහතා විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය පිළිබදව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි දෝශදර්ෂණයට ලක්ව තිබීම ද විශේෂත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *