සමගියෙන් අසමගි වූ වඩිවේල්ට ජනාධිපති උපදේශක තනතුරක්
කලක සිට සමගි ජන බලවේගයේ දේශපාලනය තුළ ආන්දෝලනයට තුඩු දී ඇති වඩිවේල් සුරේෂ් මන්ත්රීවරයා ජනාධිපති උපදේශකයකු ලෙස පත් කර තිබෙනවා.
උඩරට දෙමළ ජනතාව ශ්රී ලාංකීය සමාජයට පූර්ණ ලෙස ඒකාබද්ධ කිරීම පිළිබදව ජනාධිපති උපදේශක ලෙසයි සුරේෂ් මන්ත්රීවරයා පත්කර තිබෙන්නේ.
සමගි ජන බලවේගය සමග පසුගිය කාලය පුරා මත ගැටුමක සිටි සුරේෂ් මන්ත්රීවරයාගේ වැලිමඩ ආසන සංවිධායක ධූරය දැනට දින කිහිපයකට පෙර ඉවත් කර තිබුණු වටපිටාවක මෙම තනතුර ලබා දීම විශේෂත්වයක්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

