ගෝඨාභය ආයෙත් සැරසෙන්නේ කුමකට ද?
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු මෙන්ම ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස සිටි විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී එගොඩවෙල විසින් ව්‍යාජ සහ විකෘති කරන ලද කරුණුවලින් සමන්විත කෘතියක් එළිදක්වමින් නවතම ප්රචාරක ව්‍යාපාරයකට මුල පුරා ඇත.

“අරගලය, ආදාරයෙන් ප්රචන්ඩත්වයට” යනුවෙන් නම් කර තිබෙන එම කෘතිය පසුගිය දිනෙක ගෝටාබය රාජපක්ෂට පිරිනමනු ලැබීය. පොත නම් කර තිබෙන ආකාරයෙන් ම අරගලය ප්රචන්ඩත්වය මුල් කර ගෙනම පැන නැගුණු බව සමාජ ගත කිරීමට වෙහෙස දරා තිබේ. මෙය ගෝටාබය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කල්ලියේ අලුත්ම දේශපාලන ප්‍රචාරන යාන්ත්‍රණයේ මුල් පියවර බව හෙළිවී තිබේ.
විශ්‍රාමික මේජර් ජනරාල් කේ.බී එගොඩවෙල සහ ගෝටාබය රාජපක්ෂ එකම අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී ඇත. ගෝටාබය රාජපක්ෂ ක්ර්නල් නිලයේ සිටියදී හමුදාව අතහැර ඇමරිකාවට පලා ගිය අතර විශ්‍රාමික මේජර් ජනරාල් එගොඩවෙලද උතුරේ යුද්ධය පැවති වකවානුවේ පලා යාම් ගණනාවක් කරන ලද්දෙක් බව පුවත් පත් වාර්තාවලින් හෙළිවී තිබිණ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

