Latestදේශීය

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 50%ක් ජනාධිපති සමගයි ඉන්නේ – චාමර සම්පත්

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දහ දෙනාගෙන් පස්දෙනෙක්ම දැන් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

විපක්ෂයේ සිටින්නේ එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පහක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා ඉදිරි මැතිවරණයේදී දෙමළ සන්ධානයට උතුරේ කිසිවක් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ්ය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

තවද මෙම අවස්ථාවේදී සම්පත් මන්ත්‍රීවරයා විසින් දෙමළ ජාතික සන්ධාන ශානාක්‍යයෙන් රාසමානිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බරපතල ලෙස චෝදනා කරමින් දෙමළ ජාතිවාදය අවුලවාලන්න කටයුතු කරන රාසමානිකම් මන්ත්‍රීවරයා සිංහල කාන්තාවක් විවාහ කරගැනීමට කටයුතු කරන බවද පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *