ආරක්ෂක අංශ සාමාජික දිවිනසාගැනීම් සීග්රයෙන් ඉහළට
ශ්රී ලංකා යුද හමුදාව ඇතුළු ත්රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවා නියුක්තියන් අතර සියදිවි නසා ගැනීම් කෙටි කාලයක් තුළ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, හිසට වෙඩි තබා ගෙන සිය දිවි නසා ගැනීම ඒ අතරින් ප්රමුඛ වී ඇති බවත් හෙළි වේ.
පසුගිය නොවැම්බර් මාසයේදී අවම වශයෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් රාජකාරියේ යෙදී සිටින අතරතුර 13කු පමණ සියදිවි නසා ගෙන ඇති බව වාර්තා වේ. මෙම මාසයේ ගෙවුණු දින 5ක් තුළ යුද හමුදා සොල්දාදුවන් දෙදෙනෙකු ගෙල වැලලා ගැනීමෙන් සහ පොලිස් පරීක්ෂකවරයෙකු හිසට වෙඩි තබා ගැනීමෙන් සිය දිවි නසා ගෙන ඇත.
මෙසේ සියදිවි නසා ගත් වැඩි දෙනෙකු හට ඊට හේතු වූ පිළිගත හැකි කරුණු තිබී නැති බව අනාවරණය වීම විශේෂත්වයකි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

