Latestදේශීය

ආර්ථික ඝාතකයා බන්දුල ?

මේ වනවිට ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමති ධුරය දරණ බන්දුල ගුණවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙස ක්‍රියා කරමින් මේ දක්වා හෙළි නොවූ ආර්ථික ඝාතකයෙකු දැයි බරපතළ සාකච්ඡාවක් මාධ්‍යවේදීන් අතර ඇති වී තිබේ.

විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස බන්දුල ගුණවර්ධන කටයුතු කළ 1990 මුල් කාලයේ “ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව“ යනුවෙන් පොත් පිංචක් එළිදැක්වූ ඔහු ලෝකයේ ආර්ථික ඝාතකයන් පිළිබඳ මෙරට සමාජය තුළ සාකච්ඡාවක් ඇති කළේය. නමුත් මේ වනවිට ඒ සියල්ල අමතක කරමින් ජනතාවට විවිධ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇත.

එයින් බරපතළ වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන ආරක්ෂා කරන සහ රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය ආරක්ෂා කරන ප්‍රමුඛ පෙළේ ඇමතිවරයෙකු වී සිටීම ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *