Latestදේශීය

නාලක නිදහස්

ජනාධිපතිව සිටි මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව 2018 සැප්තැම්බර් මාසයේ නාමල් කුමාර නැමැත්තෙකු කරන ලද ප්‍රචාරයක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කර සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියාව වූ නියෝජ්‍ය ‌පොලිස්පති නාලක ද සිල්වා අදාළ චෝදනාවලින් නිදහස් කිරීමේ නියෝගයක් අධිකරණය විසින් ඊයේ (දෙසැම්බර් 06) ලබා දුන්නේ ය.

නාමල් කුමාර නැමැත්තා කළ ප්‍රකාශයෙන් අනතුරුව 2018 ඔක්තෝබර් 26 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නාලක ද සිල්වා අත්තඩංගුවට ගත් අතර එදිනම සවස 07ට පමණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයක් දියත් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කරනු ලැබීය. මෛත්‍රිපාල සිරිසේනගේ එම ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය සිදු කරන විට සහරාන් අත්තඩංගුවට ගැනීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨසයෙන් අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන තිබිණි. නමුත්, නාලක ද සිල්වා අත්තඩංගුවට ගැනීමෙන් පසුව සහරාන් පිළිබඳ කරමින් තිබුණු විමර්ශන කටයුතු සියල්ල අඩපණ කර අත්තඩංගුවට ගැනීමේ වරෙන්තුව ද අක්‍රිය තත්වයට පත් කරනු ලැබීය.

මෛත්‍රිපාල සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පරාද කරනු ලැබූවද සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියේ කටයුතු දිගින් දිගටම වර්ධනය කර 2019 අප්‍රේල් 21 වෙනි පාස්කු දින කතෝලික පල්ලිවලට සහ සංචාරක හෝටල්වලට ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහරාන් පිළිබඳ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ කිරීමට හේතුවූ නාලක ද සිල්වා අත්තඩංගුවට ගැනීමෙන් වසර 5කට පසුව අධිකරණය මගින් නිදහස් කරනු ලැබීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *