Latestදේශීය

මානව හිමිකම් පිළිබදව සතුටු වෙන්න බැහැ – නිමල් ජී පුංචිහේවා

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය සතුටුදායක නොවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

අදට (10) යෙදී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් අද දෙරණ සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය.

අද දෙරණ වෙනුවෙන්  විදර්ශන ප්‍රනාන්දු : මම ඔබතුමාගෙන් සෘජුව ප්‍රශ්නයක් ඇහුවොත් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය සතුටුදායක මට්ටමකද තියෙන්නේ. නැත්තම් අසතුටුදායකයි ද?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා : ”රටේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රවල පවත්නා ගැටලු. ගැටලු දැක්කාම තීරණයකට එන්න පුළුවන්. මානව හිමිකම් තත්ත්වය සතුටුදායකද කියලා. මහජන නියෝජිතයන් පත්කිරීමේ අයිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවුරුදු 05ක් තිස්සේ පළාත් සභා නැහැ. නියෝජිතයෝ පත්කරන්න තවත් පළාත් සභාවක් ඇවිල්ලා. මානව හිමිකම් පිළිබඳ පුද්ගල දැනුවත්භාවය. තමන්ගේ අයිතිවාසිකම් ඛණ්ඩනය වුණාම ප්‍රශ්න කරනවා. පොදු මානව හිමිකම් කඩවීම් ගැන අවධානයක් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ පිළිබඳ ඉදිරිපත් වෙන්නෙත් නැහැ”

විදර්ශන ප්‍රනාන්දු : දැන් ඔබතුමා කිව්වා සමාජයේ පොදුවේ මානව හිමිකම් ඛණ්ඩනය වීම සම්බන්ධයෙන් ජනතාවගේ ඉදිරියට පැමිණීමක් නැහැ කියලා. අනිත් පැත්තට ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නයක් ආවොත් මේ සමාජයේ සාමකාමි විරෝධතාවලට පොලීසිය පහරදෙනවා, පොලිසියේ අත්අඩංගුවේ ඉද්දි සැකකරුවන් මියයනවා, ආයුධ පෙන්වන්න රැගෙන ගිහින් පස්සේ ඝාතනය වීම් ගැන කතාවෙනවා. මේ කියන්නාවූ කාරණා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව නිහඬයි කියන තර්කය මතු කළොත් ඔබතුමන්ලාට මොනවගේ උත්තරයක්ද තියෙන්නේ?

නීතිඥ නිමල් ජී. පුංචිහේවා : මානව හිමිකම් කොමිසමට යම් කාර්යභාරයක් තියෙනවා. මේවා වළක්වාගැනීමට ක්‍රියාකිරීමයි කාර්යභාරය. පුද්ගලයන් අත්අඩංගුවේදි මියයාම. පොලිස් නිලධාරීන්ගේ වගකීම පිළිබඳ. මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. 75 වන සංවත්සරය සමරන්න. පදනම් ආයතනයේ උත්සවයක් තියෙනවා. එහි දී මාර්ගෝපදේශ එළිදක්වනවා. ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා”

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *