ගාසා – කුසගින්නේ මියයන මිනිස් ජීවිත
ගාසාහි ජනතාවගෙන් වැඩි පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ, එහි සෑම දස දෙනෙකුගෙන්ම නව දෙනෙකුට දෛනික ආහාරයක් හෝ නොලැබෙන තත්ත්වයක් උද්ගත ව ඇති බවයි.
එමෙන්ම ගාසා තීරයට අවශ්‍ය ආහාර ආධාරවලින් අඩක් වත් ඒ වෙත ළඟා නොවන බවත් ඒ වෙත ආහාර යැවීම කිසිසේත් සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගත ව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි පුද්ගලයන් 17,700ක් මියගොස් ඇති අතර, එහි වෙසෙන මිලියන 2.3ක ජනතාවගෙන් බහුතරය මේ වනවිටත් අවතැන් වී තිබේ.
මේ අතර, හමාස් ප්‍රාණඇපයේ රඳවා සිටින පිරිස මුදාගන්නා ලෙස රජයට බලකරමින් ටෙල් අවීව් නුවර දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබේ.
ඒ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙනි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

