Latestදේශීය

9වන විධායක ජනාධිපති මමයි – ජනක රත්නායක

ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තමන් බවත් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මීළඟ ජනාධිපතිවරණයෙන් තමන්ගේ ජයග්‍රහණය නියත බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය කාලය පුරා ජනක රත්නායක මහතා වත්මන් ආන්ඩුව සහ ආන්ඩුවේ ආර්ථික ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කරමින් පවතින අතර එම හේතුව නිසාම ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයෙන්ද ඉවත් කරන්නට ආන්ඩුව ක්‍රියා කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *