Latestදේශීය

අල්ලස් පැමිණිලි 3000 ඉක්මවයි

මේ වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ අල්ලස් පැමිණිලි 3,000 ඉක්ම වු සංඛ්‍යාවක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ජනවාරි 01වන දා සිට නොවැම්බර් මස 21 වන දා දක්වා පැමිණිලි 3,255ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය සේවක ව්‍යුහයේ ක්‍රියාකාරකම් මත පදනම්ව ලැබී ඇති පැමිණිලි වේ.

පොලිස් නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි 100කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා ලැබී ඇති අතර විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි 50කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන්ය.

ලැබී ඇති අල්ලස් පැමිණිලි හා සැසඳීමේ දී විමර්ශන කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කොමිෂන් සභාව තුළ පවතින සේවක පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කර ගැනීමේ අවශ්‍යතාව පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *