Latestදේශීය

ගඳගහන මහරගම

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිනපතා පැමිණෙන මහරගම නගරයේ ස්ථාපනය කර ඇති පොදු වැසිකිළි පද්ධතිය නිසි නඩත්තුවක් නොමැති වීමෙන් පසුගිය දින කිහිපය පුරා උතුරා යමින් තිබූ බව වාර්තා විය.

දිගු කාලයක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී.

ඉතා ජනාකීර්ණ නගරයක් වන මහරගම දිනපතා විශාල පිරිසක් සිය අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා පැමිණෙන නගරයකි.

මේ එලෙස නරගයට පැමිණෙන ජනතාවට සිය ශාරිරික අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා ඉදිකර ඇති පොදු වැසිකිළි පද්ධතිය ඉතාමත් අපිරිසිදු තත්ත්වයක පවතින බව ජනතාව චෝදනා කරයි.

වසර කිහිපයකට ඉහතදී රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කරමින් මෙම වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කර තිබුණත් නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය භාවිතය අපහසු වී තිබේ.

නගරවාසීන් පවසන්නේ මහ වැස්සත් සමග වැසිකිළියේ මළ අපද්‍රව්‍ය උතුරා ගොස් ඒවා නගරයේ කාණු පද්ධතිය හා එක් වී ඇති බවය.

මේ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව මේවන විට පවතින්නේ දැඩි දුර්ගන්ධයකි.

වෙළඳුන් පවසන්නේ මේ හේතුවෙන් මහරගම පොදුවෙළෙඳපොලේ වෙළෙඳාම් කටයුතු සිදුකිරීමද කිරීම ද දුෂ්කර වී ඇති බවය.

වඩාත් කණගාටුවට කරුණ නම් වැසිකිළි පද්ධතියට ඉතා ආසන්නේ පිහිටි මහරගම නගරසභාව ඒ සඳහා කිසිදු පියවරක් නොගැනීමය.

නගර සභාවේ ගලි බවුසර් තුනම මේවන විට අබලන් වී ඇති බවට පවසමින් මෙම ගැටළුවට විසඳුම් ලබාදීම දිනෙන් දින බලධාරින් කල් දමන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ බලතල හා කාර්ය සාධනය පිළිබඳ ලේකම් අරුණ ඩයස් මහතාගෙන් අපකළ විමසුමකදී ඔහු සඳහන් කළේ මේවන විට වැසිකිළි පද්ධතියේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *