Latestවිදේශීය

ගාසා – පැය 24ට මරණ 297ක්

ගතවු පැය 24තුළ ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 297 දෙනෙකු මියගොස් ඇති බවට ගාසා බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ගාසා හී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, ගතවු පැය 24 තුළ ඇති වු ගැටුම්වලින් පලස්තීනුවන් 550කට වැඩිපිරිසක් තුවාල ලබා ඇති බවය.

පසුගිය ඔක්තෝම්බර් මස 07 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 18,000 දහසක පමණ පිරිසක් මියගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 49,500ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *