Latestදේශීය

“රනිල්” නම් කපටි නරියා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මාධ්‍ය ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින අශෝක ජයතුංග දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ හැඳින්වීම සඳහා “කපටි නරියා” යන්න භාවිතා කරමින් සිටී.

ඔහු මෙලෙස භාවිතා කරන්නේ වොෂින්ටන් නුවර පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වැටුප් ලබන්නෙකු ලෙස සිටිමින් මාධ්‍ය ආයතනවලට සපයන “ජනපති e කොලම” නම් දේශපාලන ගොසිප් තීරව සඳහාය. පසුගිය සතිඅන්තය වෙනුවෙන් ඔහු ලියූ එම තීරුව සඳහා මෙම යෙදුම භාවිතා කර තිබුණේ “ප්‍රංශ ජනපති, ඉන්දිය අගමැති, බිල්ගේඩ්ස් හා තවත් හොඳම කකුල් රනිල් සමග කතා කළේ ඔහු කපටි නරියෙක් මෙන්ම මොළය හා අත්දැකීම් බහුල අයෙකු නිසාවෙනි” යනාදී ලෙසය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම “නරියා” යන යෙදුම භාවිතා කරන්නේ ස්වර්ථය වෙනුවෙන් පමණක් කටයුතු කරන අවස්ථාවාදී තක්කඩිකම් ප්‍රකට කිරිමේ සංකේතයක් ලෙසය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *