බදු අයකරගැනීමෙන් පමණක් උත්තර හොයනවා නම් ගැටළුව තවත් තීව්ර වෙනවා – ටානියා අබේසුන්දර
බදු අය කර ගැනීමට නම් රජය කළ යුත්තේ ව්‍යාපාරිකයින්ටද සහයෝගය ලබා දීම යැයි ලංකා එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර අවධාරණය කරයි.
ඇය වැඩිදුරටත් පවසන්නේ වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදිත භාණ්ඩයකම මිල 50%කින් 60%කින් පමණ වැඩි වීමක් සිදු වනු ඇති බවය.
ව්‍යාපාරිකයින්ට සහයෝගය ලබා නොදී රජය ව්‍යාපාරිකයින්ගෙන් බදු පමණක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් එලෙස ලබාදෙන්නේ කෙසේද යන ගැටලුව පවතින බවත් රට තුළ නිෂ්පාදනය කර පාරිභෝගිකයින්ට තරගකාරී මිලකට භාණ්ඩ ලබාදීම පිළිබඳවද ගැටලුවකට මුහුණ දෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

