ජාතික රෝහලේ MRI යන්ත්‍ර 3ක් අක්‍රීයයි
පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර යන්ත්‍ර 03ක් අක්‍රීය වී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීය ඒකාබද්ධ බල මණ්ඩයල පවසයි.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, තාවකාලිකව විදුලිය එක්රුස් කිරීමේ යන්ත්‍ර නොමැති වීම හේතුවෙන් මෙම යන්ත්‍ර අක්‍රීය වීම සිදුව ඇති බවය.
“විදුලිය බිඳවැටීමත් එක්ක සෞඛ්‍ය පද්ධතියට සිදුවු බලපෑම කිව්වොත් යන්ත්‍ර සුත්‍රවලට මෙය සෑහෙන බලපෑමක් කළා. මේක දිගු වෙලාවක් පුරා විදුලිය බිඳවැටීමත් එක්ක නවීන යන්ත්‍ර සුත්‍රවලට විදුලිය සපයන්න බැරිවුණා. ඒවා සිසිලන පද්ධතිය, එහෙම නැත්නම් වායුසමීකරණ පද්ධති ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මේ තත්ත්වය එක්ක ජාතික රෝහලේ MRI ස්කෑන් යන්ත්‍ර 4ක් තියෙනවා. එයින් 3ක් බිඳවැටිලා තියෙනවා දැන්. සිසිලන පද්ධතිය ක්‍රියාත්මක කරගන්න බැරි නිසා මේ යන්ත්‍ර දැන් ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම angiogram යන්ත්‍රයකුත් මේ හේතුව නිසා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

