ඩෙංගු මරණ ගැන හරි තොරතුරු ඉදිරිපත් නොකරන්‌නේ සංචාරකයෝ නොඑන නිසා – චම්පික රණවක
පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගර්භනී මවුවරුන් උදෙසා උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබිණ.
බණ්ඩාරනායක මාවත මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මෙම වැඩසටහන සෑම සතියකම අගහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, සංවිධාන කටයුතු මැද කොළඹ සචිත්‍ර රණසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.
මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“කොළඹ නගරය ඇත්තටම දැන් අවුරුදු 30 ක් තිස්සේ ජනගහනය වැඩි වෙන්නෙ නෑ. අවුරුදු 30 කට කළින් හිටපු ජනගහනයමයි තාම ඉන්නේ. මොකද මේ නගරය අතහැර දාලා වැඩියි. ඉපදෙන ගානට වඩා, අලුතෙන් පදිංචි වෙන ගානට වඩා නගරය අත ඇරලා දාලා යන ගාණ ඒක නිසා 1993 හිටපු ජනගහනයම තමයි අදත් ඉන්නේ. ඉතින් ඉස්සර මැද කොළඹ කිව්වාම විශාල ආසනයක්. ගොඩාක් සෙනඟ හිටපු ආසනයක්. දැන් ලොකුවටම සෙනඟ ඉන්නේ හෝමාගම. මැද කොළඹ නෙමෙයි. ඒ වගේ අපේ ජනගහනය ගොඩාක් අඩුවෙලා තියෙන්නේ. මොකද මේ නගරය නාගරික පහසුකම් හරි අඩුයි. මම කාලයක් නාගරික සංවර්ධනය භාරව හිටියා. අපේ ඉන්න පවුල් 70000 න් 60000 ක්ම අපිට කියන්න පුළුවන් දුප්පත් ජනතාව. අපි ගෙවල් 50000 ක් අඳුනගත්තා හදන්න. 20000 ක් අවසන් කළා. මේ අවට තියෙන ඔක්කොම ගෙවල්. අපි ඒ කාලේ හදලා ඉවර කළේ. නමුත් තව විශාල පිරිසකට නිසි නිවාස නෑ. ඒ හින්දා හරිහමන් ජීවන රටාවකුත් නෑ. හරි හමන් ආදායමකුත් නෑ. ඒ වගේම දරුවන්ගේ අනාගතය ගැන එහෙම විශ්වාසයකුත් නෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපි යම් යම් ප්‍රශ්න කොළඹ විසඳුවා.
දැන් කොළඹ කුණු ප්‍රශ්නෙ නේද? කුණු ගොඩවල් ගැහිලා, මුලින්ම තිබුණා මට්ටක්කුලිය කුණු කන්දක්, ඊළඟට තිබුණා බ්ලූමැන්ඩල් වල කුණු කන්දක්. ඊළඟට කොලොන්නාවේ කුණු කන්දක්. අන්තිමට කොලොන්නාවේ, මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගියා. 33 දෙනෙක් නැතිවුණා. දැන් අද කසල ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අපි ඒ ප්‍රශ්නෙ විසඳුවා. අද කොළඹ කුණු වලින් විදුලිය නිපදවෙනවා. ඒක තමයි කතාව. නමුත් අදත් නිපදවෙලා ඉතුරු වෙන ඒ අළු ටික ගෙනිහින් දාන් නෑ. අපි හැදුවා ස්ථානයක්. පුත්තලම. එතැනට ගෙනියන්න. ඉතින් ඒ වගේ මේ නගර ඒ කරලා දීපු වැඩ ටිකවත් කරගෙන යන්න තත්වයක් නෑ. ඊළඟට ඉස්සර හරියට උතුරු කොළඹ මේ අවට ප්‍රදේශවල ගංවතුර තිබුණා. කැළණි ගඟ උතුරන්නෙ නෑ. මීට වඩා කොළොන්නාවේ. ඊටත් වඩා කඩුවෙල. කොච්චර වැස්සත් මේ පහුගිය මං හිතන්නේ අවුරුදු හතර තරම් වැස්සෙ නෑ ලංකාවට කවදාවත්. පිටාර මිසක් ගංවතුර. පිටාර ඇතිවෙනවා. පිටාර ඇතිවෙන එකට ප්‍රධාන හේතුව අපේ නගර සභාව, අපේ කානු පද්ධතිය නඩත්තු කරන්නේ නෑ. ඒක නිසා පිටාර ඇති වෙනවා. නමුත් අපි පොළොව යටින් උමං හදලා, ලන්දේසි කාලෙන් පස්සේ පොළොව යටින් අපි උමං හදනකොට ගොඩක් දෙනෙක් කිව්වා මේ නගරේ ගිලාබහී නගරේ කඩා වැටෙයි. ගෙවල් විනාශ වෙයි. ගොඩාක් විරෝධතා තිබුණා. නමුත් අපි කොළඹත් හැදුවා උමං දෙකක්. මේ මේ මැද කොළඹත් හැදුවා. බම්බලපිටියෙත් හැදුවා. කිසිම ප්‍රශ්නයක් නැතිව අද ඒ උමං වැඩ කරනවා. මෙතන මේ අපේ උසාවිය ගාව ජල පොම්පාගාරයක් හැටියට නාගලන්වීදිය ජල පොම්පාගාරයක් ඇතිවුණා. ඒ වගේම අඹතලේ පොම්පාගාරයක් හැදුවා, කඩු පාලමේ හැදුවා. එතන ගංවතුර ආවොත්, ගඟට වතුර පොම්ප කළා. අද හුඟාක් දෙනෙක් දන්නේ නෑ.
දැන් අපි දන්නවා මාතර ගංවතුර නේද? හැමදාම නිල්වලා එකක්. කැළණි ගඟේ ගංවතුර දැන් නෑ. දැන් කාටවත් කෑම බෙදන්න ඕන නෑ. අනාථ කඳවුරු නෑ. මේප්‍රශ්නෙ අපි විසඳුවා. හැබැයි පස්සේ සීයට සීයක් විසඳලා නෑ. ස්ථාන පහළොවක් අඳුරගත්තා. හයයි ඉවරෙටම. ඒ ඉවර කරපු තැනින් එක අඟලක්වත් ඉස්සරහට ගිහිල්ලා නෑ. ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නෙ නෑ.
ඩෙංගු උවදුර විශාල වශයෙන් පැතිරිලා යනවා. ඩෙංගු උවදුර පැතිරිලා ගියාට දැන් අපේ නගර සභාවට අපිට තියෙනවා කාර්යාල. අර දුමායනය කරන්න කිව්වම දුම් ගහන්න සල්ලි නෑ කියනවා. ඉතින් එතකොට ඩෙංගු උවදුර ඇතිවෙනවා. ඒක භයානක ප්‍රශ්නයක්. ඒක ඇඟට නොදැනී පැතිරිලා යනවා. මං හිතන්නේ මේ සංඛ්‍යාලේඛන එහෙම ඉදිරිපත් කරන එක ඇයි කරන්නෙ නැත්තෙ කියලා ඇහුවහම සංචාරකයෝ එන එකක් නෑ කියලා කියනවා. ඒ කියන්නේ දැන් හොඳම ඩෙංගු පැතිරුණාම ලංකාවට සංචාරකයෝ එන්නේ නැතුව එළියට. ඒක හින්දා මේක හොඳ නෑ. ඒක කියන්න ඕනේ. මේක අපි කතා කරන්න ඕනේ. මේක ඉතාමත්ම නරක තත්වයකට පත් වෙනවා. දැන් අපි සතුටු වෙනවා අපේ වෛද්‍යාචාර්යතුමිය මෙතන ඉන්න එක ගැන. දැන් රටේ දොස්තර මහත්තුරු රට දාලා යනවා. ග්‍රාමීය රෝහල් 40 ක් වැහිලා. විශේෂයෙන් වතුකරයේ. තව 100 ක් වැහෙන්න යනවා. විශේෂඥ වෛද්‍යවරු යනවා. ඇයි මේ රටේ දැන් ඉන්න හිතෙන තැනක් නෙවෙයි.
ඉතින් අපේ දරුවෝ රට යනවා. ඒ පිටරට මෙහෙ දේපළ විකුණලා හරි, අපේ අම්මලා, තාත්තලාගෙත් අදහස ඒකනේ. කොහොමහරි ළමයි රට යවන්න ඕනෙයි කියලා නේද? ඉතින් ඒ ඒ විදිහට වෙනවා. ඉතින් රට ටික ටික, වැදගත් මිනිස්සු නැති තැනක් බවට පත්වෙනවා. එහෙම රටක තමයි දැන් මේ ලස්සන දරුවෙක් උපත ලබන්න ඉන්නේ. ඉතින් ඒක හින්දා ඒ දරුවව අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ දරුවට සුරක්ෂිත හෙටක් ඇති කරන්න ඕනේ. මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කිව්වා හැම 10 දෙනෙක්ගෙන්ම 6 දෙනෙක් ඉන්නේ අනතුරුදායක තත්ත්වයක. එක්කෝ කෑම නැතුව. එක්කෝ අධ්‍යාපනය නැතුව, එක්කෝ සෞඛ්‍ය පහසුකම් නැති වෙනවා. හැම දහ දෙනෙක්ගෙන්ම හය වෙනවා. ලොකු ගාණක්. දැන් අපි අපේ මේ කොළඹ නගරයේ ඉන්න අයගෙන් 90%ක් ම අයිති වෙන්නේ ඒගොල්ලන්ගෙන්. මොකක්ද එක්කෝ ආහාර නැතුව, පෝෂණය නැතුව, එහෙමත් නැත්නම් අධ්‍යාපනය නැතුව, එහෙමත් නැත්නම් සෞඛ්‍ය පහසුකම හරියට නැහැ. ඒක නිසා අපි ඉතාම සතුටු වෙනවා අපේ මේ කරන මේ සත්කාරයට, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයටත්, කථිකාචාර්යතුමියටත් අපි නැවත ස්තූතිවන්ත වෙනවා. මේ වගේ කටයුත්තක් කිරීම ගැන.
ඉතින් අපි ප්‍රර්ථනා කරනවා ඔබේ කුසේ ඉන්න දරුවා මේ රටට, මේ ලෝකයට බිහිවෙලා, මේ රටට නායකයෙක් වෙන්න ක්‍රියා කරයි කියලා. මොකද හැම දෙයක්ම කරන්න හැම දෙයක්ම කරන්න යම් මහන්සියක් වෙන්න ඕනේ නේද? වේදනාවක් විඳින්න. ඒ අර්ථයෙන් ගත්තම මේ ලෝකේ අමාරුම වේදනාවෙන් ඉන්නේ කවුද? අම්මාවරුන්. නේද? මේ දරුවෙක් උපත ලබන එක මාරම වේදනාවක්. ඒක තමයි ලෝකේ දරාගන්නම බැරි වේදනාවක්. හැබැයි ඒ වේදනාව දරාගෙන දරුවෙක් උපත ලබන්න අම්මාවරු බැහැයි කිව්වා නම් ඇහුවොත් අපට නම් බැහැ. දරුවෝ වේදනාව දරන්න කියලා. මමත් නැහැ. මේ අපි කවුරුත් නැහැ. ඒ මොකද ඒ අම්මාවරු ඒ වේදනාව දරන්න සූදානම් වීම නිසා තමයි මේ ලෝකේ බිහිවෙනකොටම බිහිවෙලා තියෙන්නේ. එතකොට අපි වේදනා විඳින්නේ, කැපවීම් කරන්නේ අපේ දරුවෝ ගැන. මම ගත්තාම, මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැරිවියෝ දෙන්නෙක්. එක එක්කෙනා විවාහ වෙලා, අනිත් එක්කෙනා විවාහ වෙලා නෑ. ඉතින් අපි දන්නවා, මේ අද රටේ තියෙන ගැටලුව, ප්‍රශ්න. ඉතින් ඒක හින්දා, මේ අමාරු වේදනාවකට මුහුණ දෙන්න යන්නේ ඕගොල්ලෝ. ඒ වේදනාවෙන් පස්සේ එන්නේ, මේ රටට, මේ නගරයට, ඉදිරිය ගොඩනගන්න පුළුවන් විශාල පෞරුෂයක් තියෙන දරුවෙක් කියන එක විතරක් හිතේ තියාගෙන, අපි කටයුතු කරමු.
ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්