Latestදේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගංවතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම සැහැල්ලු වර්ගයේ වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී වැලිගම සහ කනංකේ වෙත ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙන බව වාර්කා වේ.ඒ අනුව වැලිගම දෙසට අඩි 1 1/2 පමණ සහ කනංකේ දෙසට අඩි 4ක පමණ ප්‍රමාණයකින් වැලිගම ඉමදූව පාරේ වතුර මට්ටම පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

බර වාහන සඳහා දැනට වැලිගම දෙසට ගමන් කළ හැකි නමුත් කනංකේ දෙසට ගමන් කළ නොහැකි බව සඳහන්.ඒ අනුව කොළඹ දෙසින් පැමිණෙන වාහන පාලටුව අන්තර් හුවමාරුව ද මත්තල දෙසින් පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුව ද පිටවීම සඳහා භාවිතා කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *