Latestදේශීය

විදුලි සැපයුම බිඳ වැටීම ගැන කරුණු කියන්න – විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම පිළිබඳ කරුණු දක්වන්නැයි විදුලිබල මණ්ඩලයට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මීට පෙර විදුලිය බිඳ වැටීම් වූ අවස්ථාවලදී කොමිසම ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද කරුණු විමසා ඇති බවයි.

අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා ලබන 20 වැනි දා විදුලි බල මණ්ඩල නිලධාරීන් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබේ.මේ අතර ලබන ජනවාරි මාසයේ විදුලිබිල අඩු කිරීම සඳහා වන යෝජනා ද කඩිනමින් ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *