Latestදේශීය

සමාජ අර්බුදය උඩුදුවයි – රැඳවියන්ට බන්ධනාගාර ඉඩ මදිවෙයි

සැකකරුවන් රක්ෂිත බන්දනාගාරගත කිරීමට විකල්පයක් ලෙස නිවාස අඩස්සියට පත් කිරීම සඳහා නීති සැකසීමට කැබිනට් මණ්ඩලය අනුමත ලබාදී ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ මෙරට බන්ධනාගාරවල පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති නිසා ඊට විසඳුමක් ලෙසයි.

රක්ෂිත බන්ධනාගත කිරීමට හා බන්ධනාගත කිරීමට සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් හා වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට නීති හඳුන්වාදීමටත් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතය.

එම කමිටුවේ යෝජනා නිර්දේශ සැලකිල්ලට ගනිමින් නව නීති හඳ ුන්ව හඳුන්වා දීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙසේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *