Latestදේශීය

සුළු ගංවතුර අවදානමක්

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවය.

ඒ අනුව ඉදිරි පැය 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතන බවඳ සඳහන්ය.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *