2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද
2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පිළිබඳ ඡන්ද විමසීම අද (13) ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.අද මුදල් අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතය.නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැති අතර අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා පැවැත්විණ.
කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වෙයි. 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් 13 වැනි සදුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

