Latestදේශීය

ගල් අගුරු සහ ඉන්ධන ආනයනයේදී කිසිදු කොමිස් ගැනීමක් නැහැ – කංචන විජේසේකර

ගල් අගුරු සහ ඉන්ධන ආනයනයේදී කිසිදු කොමිස් මුදලක් අයකරගෙන නැති බවත්, එසේ නම් ඒ් බව ඔප්පු කිරීමට තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ ඉන්ධන මිලදී ගැනීමේ දී තමාට කිසිවෙකුත් බලපෑම් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ බලශක්ති අමාත්‍යංශය පීළීබඳ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිණි.

වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කට වලට යන්න පුළුවන්. වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත් එනවා.

@මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *