මැතිව්ස් IPL වෙන්දේසියෙන් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ වෙන්දේසියෙන් ඉවත් කර තිබේ.
ඔහු එම වෙන්දේසියේ පළමු කාණ්ඩය යටතේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද මාධ්‍ය වෙත නිකුත් කරන ලද අවසන් ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කර ඇත.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 19 වැනිදා ඩුබාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන් වන්නේ වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මදුසංග, චරිත් අසලංක, දසුන් චානක, දුස්මන්ත චමිර, ලහිර කුමාර හා නුවන් තුෂාරයි.
කෙසේ නමුත් මෙවර තරග වාරය සඳහා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම මතිශ පතිරන හා මහේෂ් තීක්ෂණ තවදුරටත් රඳවාගෙන සිටියි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

