කුඩු කිලෝ 107ට සම්බන්ධ වැරදිකරුවන් 9දෙනෙක් ජීවිතාන්තය දක්වා සිරගෙට
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගත් හෙරොයින් කිලෝ 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 1යි ග්‍රෑම් 104ක් විනාශ කිරීමට අධිකරණය මගින් නියෝග කර තිබේ.
එම ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් පසුගිය ඔක්තෝබර් 12 වනදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
එම නඩු භාණ්ඩ අද (14) උදෑසන පුත්තලම පාලවිය ප්‍රදේශයේදී දහනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

