මහේල දිගටම පුහුණුකරු
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන තවදුරටත් එම ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
ඔහු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
පසුගියදා ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ පරාජයන් පිළිබඳව සාකච්ඡා කර ඇති ඔහු ක්‍රීඩාවේ උන්නතිය සඳහා වන ඉදිරි සැලසුම්ද හෙළිකර ඇත.
ජයවර්ධනගේ කොන්ත්‍රාත් කාලය තව මාස තුනක කාලයක් පවතින අතර ඔහු ඉල්ලා අස්වීමේ සූදානමක් නොපෙන්වූ බවද ශ‍්‍රී ලංකා ක්‍රිකට් මූලාශ්‍රයක් සඳහන් කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

