Latestදේශීය

සෞඛ්‍ය අමාත්‍යංශයේ ශරීර සුවතා ඒකකය විවෘත කරයි

බෝ නොවන රෝග වලට ප්‍රධාන හේතුව ලෙස ශරීර සුවතාවයේ නොයෙදීම බව හෙළිවී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ පරීශ්‍රයේ ස්ථාපිත කරන ලද ශරීර සුවතා ඒකකය පසුගිය දින සවස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මහීපාල මහතා විසින් විවෘත කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ ශරීර සුවතාවය පිලිබද වැඩි අවධානයක් යොමු කර සෞඛ්‍ය අමාත්‍යංශයේ මානව සම්පතෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් මෙම ශරීර සුවතා ඒකකය ස්ථාපිත කරන ලදී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍යාධාර මත මෙම ශරීර සුවතා ඒකකය ස්ථාපිත කරන ලදී. මෙම ශරීර සුවතා ඒකකය මගින් ශරීර සුවතාවය දියුණු කිරීම, බෝ වන රෝග පාලනය, ආතතිය අවම කර මානසික සුවතාවය දියුණූ කිරීම අපේක්ෂා කරයි.

ඉදිරියේ දී මෙවැනි ශරීර සුවතා ඒකක රජයේ රෝහල් තුලද ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණ වලින් 80% ක් මරණ වලට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා හේතු වන බව සොයා ගෙන ඇත. වයස 35 අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් ද, 35% ක් අධික රුධිර පීඩනයෙන් පෙලෙන බව මෙරට සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දී ඇත.

එයට ප්‍රධාන හේතුව වශයෙන් ශරීර සුවතාවය පිලිබද වැඩි උනන්දුවක් නොදැක්වීම බව 2021-2022 සමීක්ෂණ දත්ත මගින් පැහැදිලි කර දී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *