නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පිරිසක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කර ඇත්තේ සිලාවතුර, මන්නාරම වංකාලේ, යාපනය, කල්මුණේතුඩුව හා මීගමුව මුහුදු ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් ගමන්ගත් ඩිංගි යාත්‍රා 6 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරේ අවුරුදු 25 ත් 61 ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිටින බවත් ඔවුන් මන්නාරම, වංකාලේ, මීගමුව, ත්‍රීකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

