පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ තිදෙනෙක් අත්අඩංගුවේ
පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමින් , අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සඳහන් වේ.
ඒම පුද්ගලයින් කැස්බෑව පොලීසියෙන් මඟින් අත්අඩංගුවට ගෙන ඇත. තවද එම සැකකරුවන් පැමිණ ඇතැයි බවට සැක කෙරෙන යතුරුපැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මඩපාත සර්වෝදය මාවතේ රැඳී සිටින මෙම පිරිස දැක තිබේ.
ඔවුන් එම ස්ථානයට ළඟාවීමත් සමගම එහි සිටි පුද්ගලයින් තිදෙනා පළාගොස් තිබෙන අතර එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් පළායමින් සිටි පුද්ගලයන් තිදෙනා පසුපස හඹාගොස් ඉන් දෙදෙනෙකු ඒ මොහොතේදීම අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කැස්බෑව පොලීසියේ OIC ලෙස රඟපෑ සැකකරු අරක්කැමියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවත් සැරයන් ලෙස හැඳින්වූ සැකකරු ත්‍රීරෝද රථ රියදුරකු බවත්, පී සී ලෙස හැඳින්වූ සැකකරු රැකියාවක් නොමැති අයෙකු බවත් අනාවරණය වී තිබේ.
සැකකරුවන් තිදෙනා ජබුරලිය සහ නිවුන්ගම පදිංචි වයස අවුරුදු 35 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් වන් බවද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
අදාළ සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

