ඊශ්‍රායෙල් හමුදාව ඊශ්‍රායෙල් වැසියන් මරා දමයි
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටි ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු මරා දැමූ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, 28,22 සහ 26 හැවිරිදි තරුණයින් තිදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ගාසාහි උතුරේ ෂෙජායියාහි ක්‍රියාත්මක වූ මෙහෙයුමක් අතරතුර ඊශ්‍රායල හමුදාව විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව පිළිගෙන තිබේ.
ඔක්තෝම්බර් 07 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් සිරගතව සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ, මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර, අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දැඩි කනගාටුව ප්‍රකාශ කරන බවයි.
මළසිරුරු ඊශ්‍රායල වෙත යවා ඇති අතර, එහි දී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගෙන ඇති බව වාර්තා වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

