සිර දඩුවම් නියම වූ ඇන්ජලෝ කාදිනල් බෙවූ
මූල්‍ය අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ වතිකානයේ කාදිනල්වරයෙකුට වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබේ.
මෙලෙස සිර දඬුවම් හිමිව ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නම් කාදිනල්වරයෙකුටය.
ඉතාලි ජාතික කාදිනල්වරයා පාප් වහන්සේගේ හිටපු උපදේශකවරයෙකුද වීම විශේෂත්වයකි.
වතිකානයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.
ලන්ඩන් හි දේපළක් මිලදීගැනීමේදී වතිකාන කතෝලික සභාවට දැවැන්ත අලාභයක් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලබා තිබේ.
එමෙන්ම තම උපන්ගම වන සාඩිනියා හි රදගුරු පදවියට දැවැන්ත මුදල් සම්භාරයක් ලබාදීම සම්බන්ධයෙනුත් ඔහු චෝදනාවට ලක්ව ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම ඔහු අනාගත පාප් තනතුරට ද යෝජනා විය හැකි තැනැත්තෙකු ලෙස සැලකුම් ලබා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2020 වසරේදී බෙචූ කාදිනල්වරයා තම උපදේශක ධුරයෙන් ඉවත්කිරීමට පාප් වහන්සේ කටයුතු කළේ ද මෙම චෝදනා මුල්කරගෙනය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

