Latestදේශීය

රනිල්-සජිත් සන්ධානය වේගවත් කරයි

ලබන 2024 වර්ෂය ආරම්භයත් සමග ම ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සන්ධාන ගත වීම වේගවත් කිරීමට මැදිහත්කරුවන් ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

මෙම වේගවත් කිරීමේ කටයුතු සඳහා සජිත් ප්‍රේමදාසගේ පිලෙන් කබීර් හෂීම්, තිස්ස අත්තනායක සහ ඉමිටියාස් බාකිර් මාකර් ප්‍රබල වැඩ කොටසක් කරමින් සිටින බව හෙළි වේ. එමෙන් ම, ඉරාන් වික්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන් මෙයට පෙර සිට ම අදාළ සන්ධාන ගතවීම වෙනුවෙන් ප්‍රබල වැඩ කොටසක් සිදු කර තිබිණි.

සන්ධාන ගතවීම සිදු නොවුණහොත් සජිත් ප්‍රේමදාස හුදකලා කිරීමේ පුළුල් මෙහෙයුමකට මැදිහත් කරුවන් ක්‍රියා කරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *