Latestදේශීය

රේණුක වෙනුවට ජනක

සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනත ධර්මකීර්ති මහතා පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව  කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව මෙම සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු අමාත්‍යවරයා විසින් ජනක ධර්මකීර්ති මහතාට පවරා ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා අද දින (18) මිල්කෝ සමාගමේ සභාපති ධුරයේද  වැඩ කටයුතු ආරම්භ කළේය.

වර්තමානයේ ආයතනයේ සේවක අතෘප්තිමත්භාවය ඉහළයාමත් , එමගින් මිල්කෝ සමාගමේ නිෂ්පාදන ඵලදායිතාවය පහළ යාමත් සැළකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කරන බව ද අමාත්‍යවරයා විසින් නව සභාපතිවරයා පත් කිරීමේ ලිපියේ සඳහන් කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *