කාසල්රි ජලාශයේ මල සිරුරක්
(රංජිත් රාජපක්ෂ)
නිවසින් අතුරුදහන්ව සිටි සත්දරු මවකගේ මල සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදි (17) දින හමු වු බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබි හමු වි ඇත්තේ නොර්වුඩ් වෙන්චර් වත්තේ පදිංචිව සිටි පෙරුමාල් රාගම්මා නැමති (82) හැවිරිදි සත්දරු මවගේ සිරුරයි.
රෝගාතුරව සිටි තම මව වෙන්චර් වතුයායේ පහල කොටසේ කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අභියස පිහිටි තම නිවසේ පදිංචිව සිටි බවත්, ඉකුත් (10) දින සිට මව අතුරුදහන්ව සිටි බවත්, පසුව නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර අතුරුදහන්වි සිටි මව සොයා පොලිසිය සමග එක්ව මෙහෙයුමක් දියත් කල බවද ජිවිතක්ෂයට පත් සත්දරු මවගේ පුත්‍රයෙකු පැවසිය.
කාසල්රි ජලාශයේ පාවෙමින් තිබි ගොඩගත් කාන්තාවගේ මල සිරුර නොර්වුඩ් හදිසි මරණ පරික්ෂක නඩරාජා රවිකුමාර් මහතා ඉදිරියේ පොලිසිය විසින් ගොඩගත් අතර , ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

