පළාත් 6 ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ.
ඒ අනුව අද (18) සිට දින 5 ක් පුරා බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම, උතුරු නැගෙනහිර යන පළාත්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.
ඊට අමතරම අදාළ පළාත්වල අද සහ හෙට විශේෂ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කෙරෙන බවත් හඳුනාගත් මදුරුවන් බෝ වන ස්ථාන සඳහා කීට නාශක යෙදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

