රනිල් කුල බේදය අවුස්සයි
මේ වනවිට සමාජයෙන් බොහෝ දුරට තුරන්වී යමින් තිබෙන පසුගාමී කුල බේදය යළි මතු කිරීමේ ප්‍රයත්නයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියැලී සිටින බව ආණ්ඩුවේ සිළුමිණ පුවත්පතේ සටහනකින් අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වන්නේ 17 වෙනිදා නිකුත් කළ එම පුවත්පතේ “රාජකීය හෑල්ල“ නම් ඕපාදූප තීරයේ සටහනකිනි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඝාතනය කළ හෙන්ඩ්‍රි පේදිරිස් පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් කිරීම වෙනුවෙන් ජනාධිපති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව එම ඕපාදූප තීරයේ සටහන් කර තිබේ.

එය වැඩි දුරටත් තහවුරු කරමින් “මෙතුමාගේ පරපුර වහුම්පුර කුලයේ ඉහලින්ම හිටපු අය“ යනුවෙන් රනිල් වික්‍රමසිංහ දීර්ඝ විස්තරයක් කළ බවත්, එම විස්තරයෙන් ඔහුගේ ඉතිහාස දැනුම මොනවාට පැහැදිලි කළ බවත් අදාළ ඕපාදූප තීරයේ සඳහන් කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

