විභාග දෙපාර්ථමේන්තුවේ රිය අනතුරකින් සෙබලෙක් ජීවිතක්ෂයට
විභාග දෙපාර්තමේන්තු පරිශ්රයේදී සිදුවූ බිහිසුණු අනතුරකින් සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර පරදූව ප්රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි වියේ පසුවූ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකි.
විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථයක් එම පරිශ්රයේ සිට පිටතට යාම සඳහා ගමන්කරමින් තිබියදී ප්රධාන ගේට්ටුව අසළ මුරකුටියේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
එහි රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
ලොරි රථයේ තිරිංග අක්රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
තලංගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අනතුර සිදුවන අයුරු CCTV කැමරාවකද පටිගතව ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

