කීරි සම්බා වෙනුවට GR 11
වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශය මඟින් කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයන කිරීමට අදාල ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත එම තීරණය ගෙන ඇති අතර 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව තිබේ.
මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත්තේ දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් බවයි පවසෙන්නේ.
වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

