දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්
පසුගිය පැය 24 තුළදී දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙන අතර තවත් සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
තවත් පුද්ගලයන් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බවද අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

