Latestදේශීය

බන්ධනාගාර බස් රථවලට CCTV සවිකරයි

සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ, ආරක්ෂක විධිවිධාන තරකිරීමේ අරමුණින් බස් රථවල කැමරා සවි කිරීමට තීරණය කළ බවයි.

එමෙන්ම බස් රථය තුළ රැඳවින් හා නිලධාරීන් කරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට මේ හරහා අවස්ථාව උදාවන බව කොමසාරිස්වරයා සඳහන් කර සිටියා.

විවිධ අවස්ථාවලදී බස් රථවලට පිටත සිට මත්ද්‍රව්‍ය විසි කිරීමේ සිද්ධින් ද වාර්තා වන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවා .

මේ වනවිට බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 14,500 ක් පමණ සිටින බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *