Latestදේශීය

සජිත් අනුර ජනපති අගමැති – ඩිලාන් න්‍යාය

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

රට මුහුණදී ඇති අර්බුදය හමුවේ වෙන සියලු ප්‍රතිවිරෝධතා පස්සට දමා මෙම එකතුවීම සිදුවිය යුතු බවද හෙතෙම කියා සිටියි.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ මෙම බලවේග දෙක එකතුවී ජනතාව මත බදු පනවා ඇති ආණ්ඩුව ෆ්ලැට් කර දැමීම බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නිදහස ජනතා සභාව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *