Latestදේශීය

හැඳුනුම්පත් ඡායාරූප ගාස්තුව වැඩිකරයි

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව වූයේ රුපියල් 150 කි.

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේ දී අයදුම්කරුවන් ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබා ගත් ඡායාරූප මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතු වේ.

ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ.

ඒ යටතේ අලුතින් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කරන්නන් වෙත ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන අතර පසුව ක්‍රමයෙන් සමස්ත ප්‍රජාවට ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *