ක්‍රීඩා

IPL තරගාවලිය 2024 මාර්තු

2024 ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 22 වනදා සිට මැයි මස අග දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.

ඉන්දීය මහ මැතිවරණය සඳහා දින නියම කිරීමෙන් පසු තරගාවලි කාලසටහන පිළිබඳ අවසන් තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද ඩුබායිහි දී පැවැත් වීමට නියමිත බවයි සඳහන් වන්නේ .
එම වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 119 දෙනෙකු සහ ඉන්දීය ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අතුරින් විදෙස් ක්‍රීඩකයින් 30දෙනෙකු සහ ඉන්දීය ක්‍රීඩකයින් 47 දෙනෙකු මිලදී ගැනීමට බලාපොරොත්තු වේ.

එම වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මධුසංඛ, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර ඉදිරිපත් කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *