Latestදේශීය

අධිවේගී මාර්ගයේ නායයෑමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු මියයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් අනතුරට ලක්ව තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

පසුගිය 11 වනදා ඉමදූව ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනයත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ 101.4 කණුව අසළදී පස් කන්දක් නායයාමෙන් මෙම අනතුර සිදුව ඇත.
එම ස්ථානය වෙත පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ සිටි අවස්ථාවේ දී තවත් නාය යෑමක් සිදුව තිබෙනවා.

එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (18) රාත්‍රියේදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව උප ඒකකයට අනුයුක්තව රාජකාරී කළ කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙකි.

මෙම නිලධාරියාගේ මෘත දේහය නාකුළුගම පලවින්න ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *