ඩෙංගු පිලිබද වාර්තා ඉහළ යයි
2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 82,655ක් වාර්තාවී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ තොරතුරු වලට අනුව මෙම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 6165ක් වාර්තා වූ බවයි සඳහන් වන්නේ.
එමෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17423 කි.
ඊළඟට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15643 කි.
මීට අමතරව නුවර, පුත්තලම, කුරුණෑගල, මඩකලපුව, රත්නපුර, කෑග්ලල යන දිස්ත්‍රික්කවලින්ද ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

