Latestදේශීය

අන්තර්ජාලයෙන් ලිංගික හිංසනයන් කරන අයගේ තොරතුරු ගූගල් සමාගම හෙළිකරයි

කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින් මෙරට ළමා හා කාන්තා කාර්යාංශ වෙත ලබා දීමේ වැඩපිලිවෙලක් සකසා තිබේ.

ඉන් අනතුරුව එම තොරතුරු මත පැමිණිල්ලක් නොමැතිවම සැකකරුවන් අත්අඩංගරු ගැනීමට කටයුතු කළ හැකිය.

ගූගල් සමාගමෙන් ලද තොරතුරු අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචි 18 වියැති තරුණයෙක් පළමු අත්අඩංගුවට ගැනීම ලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා වසර දෙකක සිට තම දොළොස් හැවිරිදි ඥාති සහෝදරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනය කරමින් ඒවා අන්තර්ජාලයට එක්කර ඇති බවට හෙළි වී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *